Home උණුසුම් පුවත් විශ්වාසභංගය වෙනුවෙන් මැතිඇමතිලා ලහිලහියේ වැඩ

විශ්වාසභංගය වෙනුවෙන් මැතිඇමතිලා ලහිලහියේ වැඩ

විශ්වාසභංගය වෙනුවෙන් මැතිඇමතිලා ලහිලහියේ වැඩ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය විසින් විශේෂ කමිටුවක් පත් කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී එම විශ්වාසභංගය පරාජය කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන් ය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජය ගැනීම සඳහා සමඟි ජන බලවේගය තවදුරටත් විපක්ෂයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා සිදු කරයි.

අද සිට සිකුරාදා (8) වැනිදා දක්වා අවස්ථා කිහිපයකදී එම සාකච්ඡා පැවැත්වෙන බව සමඟි ජන බලවේගය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here