Home උණුසුම් පුවත් සුදර්මාගේ නිවසේ මෙහෙකාරියට පහරදී මරාදැමුවේ යැයි පොලීසියේ තව 3ක් අත්අඩංගුවට

සුදර්මාගේ නිවසේ මෙහෙකාරියට පහරදී මරාදැමුවේ යැයි පොලීසියේ තව 3ක් අත්අඩංගුවට

0
සුදර්මාගේ නිවසේ මෙහෙකාරියට පහරදී මරාදැමුවේ යැයි පොලීසියේ තව 3ක් අත්අඩංගුවට

සුදර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සිදුවූ බව කියන සොරකමක් සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවටගත් රාජ් කුමාරි නැමැති කාන්තාවකට පහරදී මරා දැමීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටින පොලිස් නිලධාරීන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 28 වෙනිදාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගත්තේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට 29 වෙනිදා ඉදිරිපත් කළ ඔහුව ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

සුදර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සොරකම සිදුව ඇතැයි කියනු ලබන්නේ පසුගිය මාර්තු 26 වෙනිදාත් මැයි 03 වෙනිදාත් අතර කාලය තුළදීය. ඒ ගැන සුදර්මා නෙත්තිකුමාරි මහත්මිය විසින් 11 වෙනිදා පොලීසියට කළ වාචික පැමිණිල්ලකට අනුව පොලිස් නිලදාරීන් මෙම කාන්තාව අත්අඩංගුවට ගත්තේය. ඇය එදින සවස මියගොස් ඇත්තේ පොලිස් පහරදීමකිනි. ඇගේ සිරුර කොළඹ ජාතික රෝහලට පොලීසිය රැගෙන ගොස් භාරදී තිබුණේ පාරේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගතකරන ආකාරයටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here