Home උණුසුම් පුවත් කළුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් මාස්ක් අර්බුදය විසඳූ ආදි නාලන්දීය එකමුතුකම

කළුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් මාස්ක් අර්බුදය විසඳූ ආදි නාලන්දීය එකමුතුකම

කළුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් මාස්ක් අර්බුදය විසඳූ ආදි නාලන්දීය එකමුතුකම

දකුණු කොළඹ මහා රෝහලේ (කළුබෝවිල) කොවිඩ්- 19 රෝගීන්ට ප්‍රතිකාර කාරන්නට වෙන්කර ඇති වාට්ටුවේ ප්‍රධානියා ලෙස සේවය කරන්නේ විශේෂඥ වෛද්‍ය වරුණ පතිරණයි. තුන්වැනි රැල්ලේ කොවිඩ් ව්‍යාප්තිය පළමු හා දෙවැනි රැල්ලට වඩා තරමක් භයානකය. වෛරස ආසාදිත රෝගීන්ගෙන් වාට්ටුුව පිරී ගියේය. 300 කට කිිට්ටු වෛරස ආසාදිතයන් රෝහල් වාට්ටුුවේ දෛනිකව ප්‍රතිකාර ලබමින් සිටියේය. දැඩි සත්කාර ඒකකයේ ඇදන් ද තිබුණේ රෝගීන්ගෙන් පිරී ගොසිනි.

විශේෂඥ වෛද්‍ය වරුණ පතිරණට ඉකුත් සතියේ මුුහුණ දෙන්නට වූ බරපතලම අභියෝගය වූයේ කොවිඩ් රොගීන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමේදී ඒ අයට අවශ්‍ය ඔක්සිිජන් මාස්ක් හිකමය. මාස්ක් 100 ක අවම අවශ්‍යතාවක් පැවැතියක් රෝහල් පද්ධතිය තුළ තිිබුණේ ඉතා සීමිත මාස් ප්‍රමාණයක් පමණි. මේ තත්වය කළුබෝවිල රෝහලට පමණක් සීමාවූවක් නොව. මුළු රටේම රෝහල් පද්ධතියේ යථාර්ථය වූයේ එයයි. ඒ බව දැන සිටි නිසාම විශේෂඥ වෛද්‍ය වරුණ පතිරණ කල්පනාකරන්නේ සෞඛ්‍ය බලධාරීන්ට කරදර කරනවාට වඩා පරිත්‍යාග ශීලීන්ගෙන් මේ අවශ්‍යතාව කඩිනමින් සපුරා ගන්නටය. ඒ දෛනිකව කොවිඩ් 19 ආසාදිත රෝගීන් රෝහල් පද්ධතියේ ධාරිතාව පවා ඉක්මවා යමින් රෝහල්වලට ඇතුලත් කරමින් සිටි පසුබිමකය.

මෙහිදී වෛද්‍ය වරුණ පතිරණගේ සිහියට එකවරම ආවේ කොළඹ නාලන්දා විද්‍යාලයේ 90 කණ්ඩායමේ සිය පාසල් මිතුරු කැලය. තමා මුහුණදී සිටින බැරූරුම් තත්වය ගැන ඔහු 90 කණ්ඩායමට දැනුම් දුන්නේය. ගතවූයේ විනාඩි කිහිපයකි. 300 ක් පමණ සාමාජික කණ්ඩායමක් සිටින නාලන්දා විද්‍යාලයේ 90කණ්ඩායමේ වට්ස් ඇප් පොකුරට මේ පණිවිඩය මුදා හැරිියේය. ඒත් එක්කම ඇතිවන්නේ දැඩි තරගයකි. පැයක් දෙකක් යන්නට මත්තෙන් ඔක්සිජන් මාස්ක් ඉල්ලා සිටි ප්‍රමාණයට වඩා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් රැස්විය. ඊළග ගැටළුව විවෘත වෙළද පොලේද ඒ වන විටත් ඔක්සිජන් මාස්ක් දැඩි හිගයක් පැවැතීමය. අවසානයේදී 90 කණ්ඩායම වෛද්‍ය සැපයුම් ඒජන්තවරයෙක් මුණ ගැසී ඒ මාස් අවශ්‍යතාව ඉටුකර දුන්නේය. ඒ මාස් වලට අමතරව තවත් වෛද්‍ය උපකරණ කිහිපයක්ද සමගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here