Home දේශීය පුවත් උණුසුම් පුවත් අත්තනගලු ඔය පිටාර ගලා ගම්පහ යටවෙයි

අත්තනගලු ඔය පිටාර ගලා ගම්පහ යටවෙයි

අත්තනගලු ඔය පිටාර ගලා ගම්පහ යටවෙයි

අත්තනගලු ඔය සහ දී ඇලි ඔය පිටාර ගැනීමෙන් ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක් ඇතුළු පහත් බිම් රැසක් අද (15) උදෑසන වන විට ජලයෙන් යටවී තිබුණි.

උඩුගම්පොල, බෙම්මුල්ල, අස්ගිරිය, ඉහළගම යන ගම්මාන මේ වන විට ජල ගැලීම්වලට ලක්ව තිබේ. බොහෝ පිරිසක් සිය නිවාස අතහැර ඥාති නිවෙස්වෙත ගොස් ඇති බවද සදහන්ය.

ගම්පහ ඉහළගම පිහිටි වාන්දොරටුනක් බිදීයාමේ අවධානමක් ඇතිවී තිබෙන බවද ප්‍රදේශවාසීන් සදහන් කරති.

මේ ආකාරයට ගම්පහට ජල ගැලීමක් සිදුවන්නේ වසර 05 කට පසුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here