Home උණුසුම් පුවත් වැඩ තහනම අස්සේ මරණ වාර්තා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා ගැන ගත් තීරණය

වැඩ තහනම අස්සේ මරණ වාර්තා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා ගැන ගත් තීරණය

වැඩ තහනම අස්සේ මරණ වාර්තා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා ගැන ගත් තීරණය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් වැඩ තහනම් කර තිබියදී සේවය කළ බව කියන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය නීති පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීක සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.

එම අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා කරුණු විමසීමක් කළ බවද ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවද කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් වැඩ තහනම් කළ පසුව වෛද්‍ය නිලධාරියෙකුට රාජකාරි කළ නොහැකි බව ද ඔහු කීවේය.

එම අධිකරණ වෛද්‍ය නිලධාරියා නුවරඑළියේ සේවය කළ 2009 වසරේ සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් වසර දාහතරකට පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ඔහුගේ සේවය මාස අටකට තහනම් කර ඇති බව ද වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here