Home උණුසුම් පුවත් චීස් රෝදවලට යටවී අයෙක් මරුට

චීස් රෝදවලට යටවී අයෙක් මරුට

චීස් රෝදවලට යටවී අයෙක් මරුට

පාමසන් වර්ගයේ චීස් රෝද දහස් ගණනකට යටවීමෙන් ඉතාලියේ ලොම්බාර්ඩිහි පුද්ගලයකු මිය ගොස් තිබේ.

අනතුරට ලක්ව මියගිය ඉතාලි ජාතිකයා 74 හැවිරිදි ජකොමෝ කියාපරිනි ය.

මියගිය පුද්ගලයා

මෙලෙසට කඩාවැටුණු චීස් රෝදයක බර කිලෝග්‍රෑම් 40 (රාත්තල් 84)ක් පමණ වන අතර එවැනි චීස් රෝද දහස් ගණනක් ඩොමිනෝ ආකාරයට පෙරළීගෙන පහතට වැටීම නිසා මොහු මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එම පුද්ගලයාගේ දේහය සොයා ගැනීමට පැය 12ක් ගත වූ බව ද එම වාර්තාවල දැක්වේ.

සමහර චීස් රෝද මීටර 10ක් (අඩි 33ක්) පමණ ඉහළ සිට පහළට වැටී ඇති බව සඳහන් ය.

චීස් රෝද

ප්‍රදේශවාසියෙකු ඉතාලි මාධ්‍ය වෙත පැවසුවේ මෙම කඩා වැටීම ‘ගිගුරුම් හඬක්’ ලෙස ඇසුණු බවයි.

මෙම අනතුරින් සිදුවූ ආර්ථික හානිය යුරෝ මිලියන 7 (පවුම් මිලියන 6) ලෙස ගණන් බලා ඇත.

ඉතාලියේ ජනප්‍රිය පාමසන් හා සමාන දැඩි චීස් වර්ගයක් වන ග්‍රානා පදානෝ චීස් රෝද 25000ක් පමණ මෙම නිෂ්පාදන කම්හල තුළ ගබඩා කොට තිබූ බව ද සඳහන් ය.

domino effect

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here