Home උණුසුම් පුවත් හම්බන්තොට වරාය ඉහළම ‘රෝ රෝ මෙහෙයුම්’ වාර්තා කරයි

හම්බන්තොට වරාය ඉහළම ‘රෝ රෝ මෙහෙයුම්’ වාර්තා කරයි

හම්බන්තොට වරාය ඉහළම ‘රෝ රෝ මෙහෙයුම්’ වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම වසරේ මුල් මාස 4 තුළ හම්බන්තොට වරාය වාහන 193,690 ක් ප්‍රතිනැව්ගත කල අතර, පසුගිය වසරේ එම කාලය තුළ වරායට පැමිණි වාහන ප්‍රමාණය 118,872 ක් විය. පසුගිය මාසයේදී වාහන 62,736 ක් ප්‍රතිනැව්ගත කළ අතර, මේ දක්වා මසක් තුළ වරාය විසින් හසුරුවා ඇති ඉහළම රොරෝ ප්‍රමාණය මෙයයි.

ඉන්දියාවේ චෙන්නායි, මුන්ද්‍රා, එනෝර්, දකුණු කොරියාවේ ගුන්සාන්, පියොංටෙක්, සහ ජපානයේ ඔසාකා, කොබේ සහ නගෝයා යන වරායන්වලින් ප්‍රතිනැව්ගත කිරීම සඳහා හම්බන්තොට වරායට වාහන පැමිණෙන අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන්, මෙක්සිකොවේ වෙරක්‍රස්, අමෙරිකාවේ සැන් ඇන්ටෝනියෝ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ප්‍රංශයේ ලේ හැවේරේ යන වරායන් වෙත මෙම වාහන ප්‍රතිනැව්ගත කරයි. NYK, MOL, Hyundai Glovis, Kline, ZIM, Hoegh යන නාවික සමාගම්හි නෞකාවන් ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා හම්බන්තොට වරායට පැමිණේ.

“ගෝලීය අපනයන වෙළඳපොළ තවමත් ස්ථාවර නොමැති තත්වයක, ප්‍රධාන නාවික සමාගම්, තම මෙහෙයුම් සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය තෝරා ගැනීම අප ධෛර්යමත් කරවන අතර ඒ සඳහා හේතු වී ඇත්තේ වරාය සතු කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ ඉහළ ඵලදායිතාවයයි,’ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි. සී.එම්.පොර්ට් සමාගම සතු ගෝලීය ප්‍රමිතීන්ට අනුව ආරක්ෂාව හා ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කිරීමත් මේ සඳහා බලපා ඇති බව ඔහු තවදුරටත් අවධාරණය කරයි.

රජය සහ වරාය බලධාරීන් විසින් නියම කර ඇති දැඩි COVID-19 සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි යටතේ වරායේ මෙහෙයුම් සිදු කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here