Home උණුසුම් පුවත් මගුලට යන්න කාර් දෙන්නම් කියා තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීලා

මගුලට යන්න කාර් දෙන්නම් කියා තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීලා

0
මගුලට යන්න කාර් දෙන්නම් කියා  තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීලා

මංගල දිනයේදී පරිහරණය කිරීමට මෝටර් රථයක් ලබාදෙන්නම් යැයි කියා එම මෝටර් රථය පරීක්ෂා කිරීමට යමු යැයි කියා තරුණයෙකුව රැගෙන ගොස් නිවසක සිරකර තබාගෙන පහරදුන් බව කියන හමුදා සෙබලෙක් , ඔහුගේ මව සහ තවත් අයෙකුව අවිස්සාවේල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ අවිස්සාවේල්ල තල්දූවේදී පසුගිය 24 වෙනිදා බවත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (24) බවත් පොලීසිය සඳහන් කළේය.

යුද හමුදා සෙබලාගේ සහෝදරියක් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් ඊට සහය දෙන්නේ පැහැරගැනීමට ලක්වූ තරුණයා බවත් සඳහන්ය. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් වූ ආරවුලක් මත බව විමර්ශණ වලින් පෙනී ගොස් ඇත.

පැහැරගැනීමට ලක්වූ තරුණයා මෙන්ම පැහැරගත් සැකකරුවන්ද ඥාතීන් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here