Home COVID අමුද්‍රව්‍ය හිඟයක් නිසා බ්‍රසීලයේ ඇස්ට්‍රාසෙනෙකා නිපදවීම නවතී

අමුද්‍රව්‍ය හිඟයක් නිසා බ්‍රසීලයේ ඇස්ට්‍රාසෙනෙකා නිපදවීම නවතී

අමුද්‍රව්‍ය හිඟයක් නිසා බ්‍රසීලයේ  ඇස්ට්‍රාසෙනෙකා නිපදවීම නවතී

අමුද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය තාවකාලිකව නතර වනු ඇතැයි බ්‍රසීලයේ ෆියෝක්‍රස් ජෛව වෛද්‍ය ආයතනය නිවේදනය කර තිබේ.

මැයි 22 වනදා නව සැපයුම් පැමිණෙන බවට ඔවුන් අපේක්ෂා කරයි.

රජයේ අනුග්‍රහය ලබන මධ්‍යස්ථානයක් වන ෆියෝක්‍රූස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වනවිට නිෂ්පාදනය වන එන්නත් තොග ජුනි පළමු සතිය තෙක් දිගටම එන්නත් සැපයීමට ප්‍රමාණවත් බවයි.

ඉන් ඔබ්බට අමතර සැපයුම් වෙනුවෙන් එන්නත් මාත්‍රා ලබාදීමට නම් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට හැකියාව ලැබෙන තෙක් ප්‍රමාදයක් සිදු වෙනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතර බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි ගැබිනි මවකට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කිරීමෙන් පසු ඒ සම්බන්ධ ආඝාතයකින් මිය යාමෙන් පසුව බ්‍රසීලයේ ෆෙඩරල් රජය විසින් ගර්භනී කාන්තාවන්ට ඇස්ට්‍රාසෙනෙකා (AZN.L) COVID-19 දීම ඊයේ අත්හිටුවන ලදී.

සති 23ක ගැබිනියක් වූ ඇය 35 හැවිරිදි කාන්තාවකි.

කෙසේ වෙතත් එම තහනම සිනොවැක් හෝ ෆයිසර්‌ එන්නත් සඳහා බලනොපාන බව ද බ්‍රසීල රජය පෙන්වා දී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here