Home උණුසුම් පුවත් සූර්ය-සුළං ව්‍යාපෘති ගැන අදානි, ජනපතිට දුන් පොරොන්දුව

සූර්ය-සුළං ව්‍යාපෘති ගැන අදානි, ජනපතිට දුන් පොරොන්දුව

සූර්ය-සුළං ව්‍යාපෘති ගැන අදානි, ජනපතිට දුන් පොරොන්දුව
Gautam Adani, chairman of Adani Enterprises, speaks during an interview in Mumbai, India, on Tuesday, May 31, 2010. Photographer: Adeel Halim/Bloomberg

මන්නාරම සහ පුනරීන් ක්‍රියාත්මක කරන මෙගා වොට් 500ක සුර්ය සහ සුලං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය 2025 වසරේ ජනවාරි මස වන විට නිමකිරීමට අවශ්‍ය කටයුතු කරන බවට ඉන්දීය ව්‍යාපාරිකයකු වන, අදානි සමුහ ව්‍යාපාරයේ හිමිකරු, ගෞතම් අදානි මහතා පවසා තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ සමඟ ඉන්දියාවේ නව දිල්ලි නුවර දී ඊයේ පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී ය.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සහයෝගීතා ව්‍යාපෘති සංවර්ධනය පිළිබඳව අවබෝධතා ගිවිසුම් ඇති කරගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.

සාම්පුර් ප්‍රදේශයේ ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියානු රජයේ NTPC ආයතනය මගින් ඒකාබද්ධව ඉදිකරන සූර්ය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් අවශ්‍ය බලශක්ති අවසරපත් නිකුත් කිරීම මෙම සංචාරයේදී සිදු කර ඇත.

දෙරට අතර ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව පැවති සාකච්ඡාවලදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයන්වල සහයෝගීතාව වර්ධන සහ ආයෝජන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර ඇත.

එමෙන්ම මෙම සංචාරයේදී ඉන්දු-ලංකා විදුලිබල පද්ධතිය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන, හරිත හයිඩ්‍රජන් වැඩසටහන්, දෙරට අතර ඉන්ධන නලමාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සහ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here