Home උණුසුම් පුවත් ජල -මලාපවහන ගාස්තු වැඩිවෙයි!

ජල -මලාපවහන ගාස්තු වැඩිවෙයි!

ජල -මලාපවහන ගාස්තු වැඩිවෙයි!

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කරයි.

අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබා දී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි එය සිදුකිරීමට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිවරයා විසිනි.

ආරක්ෂිත ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ තිරසර ජල සම්පත් භාවිතයන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජල සම්පාදන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව සහ තිරසරභාවය තහවුරු කර ගත යුතුව ඇති බැවින් රජය මෙම තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here