Home උණුසුම් පුවත් ජේතවනාරාම දාගැබේ ජල කාන්දුවට විසඳුමක්

ජේතවනාරාම දාගැබේ ජල කාන්දුවට විසඳුමක්

ජේතවනාරාම දාගැබේ ජල කාන්දුවට විසඳුමක්

ලොව විශාලතම ගඩොල් දාගැබ ලෙස පිළිගැනෙන අනුරාධපුර ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීම සඳහා ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ප්‍රකාශ කළේ එහි පෞරාණික පෙනුමට බාධාවක් නොවන පරිදි හතරැස් කොටුවට ඉහළින් එම ආවරණය යොදන බවයි.

දාගැබේ ගඩොල් අතර කුස්තුරවලින් එහි අභ්‍යන්තරයට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ස්ථීර පිළියමක් ලෙස විශේෂයින් ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඔහු පැවසුවේ දාගැබේ ගර්භයේ පසුගිය කාලයේ ඇතිවූ පැලුම් මේ වනවිට පිළිසකර කරමින් ඇති බවයි.

එය කඩිනමින් අවසන් කිරීමට හැකි වෙතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්වාසය පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here