Home උණුසුම් පුවත් අවදානමට පෙර සූදානම් වන්න -HIV ඖෂධ නොමිලේ සායනයක්

අවදානමට පෙර සූදානම් වන්න -HIV ඖෂධ නොමිලේ සායනයක්

අවදානමට පෙර සූදානම් වන්න -HIV ඖෂධ නොමිලේ සායනයක්

HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ ලබාදීමේ විශේෂ සායනයක් සෑම මසකම දෙවන සතියේ ඉරිදා දින කොළඹ සේරම් පෙදෙසේ පිහිටි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ දී පැවැත්වේ.

එම ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරන අතර ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වැඩ සටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ මහත්මිය පැවසුවාය.

ලිංගික ශ්‍රමය සපයන්නන්ට, සංක්‍රාන්ති ලිංගිකයන්ට මෙම ඖෂධ ලබා ගැනීමේ උනන්දුව ඉහළ බව ද අනාරක්ෂිත ලිංගික ඇසුරකට පෙර PREP නැමැති ඖෂධය ලබා ගැනීමෙන් HIV සම්ප්‍රේෂණය සියයට 99% කින් පමණ වළකා ගත හැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here