Home උණුසුම් පුවත් මොහු ගැන දන්නවාද? – වහාම පොලීසියට කියන්න..

මොහු ගැන දන්නවාද? – වහාම පොලීසියට කියන්න..

මොහු ගැන දන්නවාද? – වහාම පොලීසියට කියන්න..

අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් නිවාස ඉදිකර දෙන බවට සහ ණය පහසුකම් මත නිවාස ලබාදෙන බවට පවසමින් විවිධ පුද්ගලයින් රවටමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචාකර සැඟවී සිටින සමාගම් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

අදාල සමාගම් හිමිකරුට එරෙහිව මිරිහානේ පිහිටි නුගේගොඩ විශේෂ අපරාධ විර්ශන අංශයට පැමිණිලි 14ක් ලැබී ඇති බවත් එම පැමිණිලිවලට අනුව එම පැමිණිලිකරුවන්ට පමණක් කර ඇති වංචාවේ ප්‍රමාණය රුපියල් 19,215,000ක මුදලක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මේ වන විට පොලීසියට පවා කට්ටිපනිමින් සැඟවී සිටින මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා ගැන යම් තොරතුරක් වෙතෙක් නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාගේ 071 – 8591641 දුරකථන අංකයට හෝ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට 011 – 2852556 , 071 – 8137373 මෙම අංක ඔස්සේ අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය අංශය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here