Home COVID අදත් කොවිඩ් මරණ 23ක් – ආසාදිතයින්‌ 2500ක්

අදත් කොවිඩ් මරණ 23ක් – ආසාදිතයින්‌ 2500ක්

අදත් කොවිඩ් මරණ 23ක් – ආසාදිතයින්‌ 2500ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි අද (11) තහවුරු වී තිබේ.

එම මරණ මැයි 05 වනදා සිට අද (11) දක්වා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි.

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්‌ ගණන 2,500 ඉක්මවමින් තුන්වැනි දිනටත් ඊයේ (11) 2,530ක් හමුවී තිබේ.

විදේශවලින් පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයින්‌ බවට තහවුරු වූ පුද්ගලයන් ද ඊට අයත් වේ.

මේ අනුව මෙරටින් හමුවූ මුළු ආසාදිතයින්‌ ගණන 131060 කි.

ඉන් 106641 ක් සුවවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here