Home උණුසුම් පුවත් සැත්කම සාර්ථකයි – අතිඋතුම් පාප්වහන්සේ සුවෙන්

සැත්කම සාර්ථකයි – අතිඋතුම් පාප්වහන්සේ සුවෙන්

සැත්කම සාර්ථකයි – අතිඋතුම් පාප්වහන්සේ සුවෙන්

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, රෝමයේ ගෙමෙල්ලි රෝහලේදී ඊයේ කළ සැත්කම සංකූලතාවයකින් තොරව ඉදිරියට ගිය බව ශල්‍ය වෛද්‍ය සර්ජියෝ ඇල්ෆියරි මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

පාප් වහන්සේ සුපුරුදු කාල රාමුව තුළ සම්පූර්ණ සුවය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම කීය.

‘ශුද්ධ වූ පියතුමා හොඳින්, ඔහු අවදියෙන්, ඔහු මාත් එක්ක විහිළුත් කළා’ යැයි ශල්‍ය වෛද්‍යවරයා පැවසීය.

පැරණි ශල්‍යකර්මවල කැළැල් හේතුවෙන් ඇති වූ කැපුම් ලැපරොසිලේ (හර්නියා) ඉවත් කිරීම සඳහා කල්තියා සැලසුම් කරන ලද ශල්‍යකර්මයක් මෙහිදී සිදුකළ බව වෛද්‍යවරයා කියයි. මෙය කිසිසේත්ම හදිසි සැත්කමක් නොවන බව ඔහු තහවුරු කළේය.

වෛද්‍යවරයා පැහැදිලි කළේ ලැපරොසෙල් නිසා නිතර නිතර වේදනාවක් ඇති වූ නිසා පාප්තුමාගේ වෛද්‍ය කණ්ඩායම සැත්කම සැලසුම් කළ බවයි.

86 හැවිරිදි පාප් වහන්සේගේ සැත්කම පැය 3ක් පුරා සිදුකෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here