Home උණුසුම් පුවත් මාලිමාවෙන් අද සිට විරෝධතා පෙළක්

මාලිමාවෙන් අද සිට විරෝධතා පෙළක්

මාලිමාවෙන් අද සිට විරෝධතා පෙළක්

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණ පැවැත්වේ.

එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත ය.

එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වන බව සඳහන් ය.

පළාත් පාලන මැතිවරණය පවත්වන තුරු මෙම විරෝධතා වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here