Home උණුසුම් පුවත් අරාබි මුහුද කැළඹෙයි

අරාබි මුහුද කැළඹෙයි

අරාබි මුහුද කැළඹෙයි

අද (ජූනි 5) ගිනිකොනදිග අරාබි මුහුදේ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එහි බලපෑම යටතේ ඉදිරි පැය 48 තුළ එම කලාපයේම අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැක.

කාලගුණ තත්ත්වය
05N-15N, 60E-70E : බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:
04N-12N, 68E-75E : වාමාවර්තව භ්‍රමණය වේ / පැ.කි.මී. (30-40); විටින් විට පැ.කි.මී. (50-60) දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව/ පැ.කි.මී. (20-40).

මුහුදේ ස්වභාවය
04N-12N, 68E-75E : මඳ වශයෙන් රළු සිට තරමක් රළු, විටින් විට රළු දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : මඳ වශයෙන් රළු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here