Home උණුසුම් පුවත් මහරගම පොලීසියේ අයි.පී. සූර් වී ගිහින් මිනිහෙක් මරලා

මහරගම පොලීසියේ අයි.පී. සූර් වී ගිහින් මිනිහෙක් මරලා

0
මහරගම පොලීසියේ අයි.පී. සූර් වී ගිහින් මිනිහෙක් මරලා

මහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේ්වයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙක් බීමතින් මෝටර් රථයක් ධාවනයකරමින් සිටියදී එම මෝටර් රථය බත්තරමුල්ලේදී ත්‍රීරෝද රථයක ගැටී අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගතකර සිටියදී ඊයේ (02) මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (01) රාත්‍රී 10.30ට පමණ බත්තරමුල්ල – පන්නිපිටිය මාර්ගයේදීය.

මල්වානේ පිඩලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන කේ.එම්.එල්. සමරවීර (54) නැමැති ත්‍රීරෝද රථ රියදුරු මෙසේ මියගොස් ඇත.

මෙම පොලිස් නිලධාරියා රාජකාරි විවේකය ලබාසිටියදී මෙසේ මෙම බීමත්ව මෝටර් රථයක් ධාවනයකර අනතුරක් සිදුකර ඇති බව තලංගම පොලීසිය සඳහන් කළේය.

පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here