Home උණුසුම් පුවත් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියෙන් ශ්‍රී ලංකා පොලීසියට වෑන් රථයක්

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියෙන් ශ්‍රී ලංකා පොලීසියට වෑන් රථයක්

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියෙන් ශ්‍රී ලංකා පොලීසියට වෑන් රථයක්

ශ්‍රී ලංකා පොලිසියේ “තැනැත්තන් වෙළඳාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ” රාජකාරී කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් පහසුකම් සහිත වෑන් රථයක් පරිත්‍යාග කර ඇත.

කොළඹ 07 පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේදී පසුගියදා (30) ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරි රොබට් විල්සන් මහතා විසින් එම වෑන් රථය පොලිස් ප්‍රවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දී ඇත.

මිනිස් ජාවාරම සහ තැනැත්තන් වෙළෙදාම ඇතුළු ජ්‍යාන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීමේදී ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය වෙත නිරන්තරවම සහාය දක්වනු ලබයි.

ඕස්ට්‍රේලියානු රජය විසින් ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ ක්‍රියාවලියේදී, ඒ සඳහා ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන හවුල්කරුවකු වශයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඕස්ට්‍රේලියානු රජය වෙත දක්වන සහාය ඉතා අගය කරන බව එහිදී රොබට් විල්සන් මහතා විසින් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නීති විරෝධී මිනිස් ජාවාරම ආශ්‍රීත ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දරණ අඛණ්ඩ උත්සහයට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ කෘතඥතාවය පලකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here