Home උණුසුම් පුවත් සාපෙල උත්තර පත්‍ර රැගෙන ගිය වෑන් රථය තාප්පයක ගැටේ

සාපෙල උත්තර පත්‍ර රැගෙන ගිය වෑන් රථය තාප්පයක ගැටේ

සාපෙල උත්තර පත්‍ර රැගෙන ගිය වෑන් රථය තාප්පයක ගැටේ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර ප්‍රවාහන රාජකාරියේ යොදවා තිබුණු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වෑන් රථයක් ගාල්ල සිය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී ඊයේ සවස හික්කඩුව කාහියන්ගල දී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරකට ලක්ව ඇත.

රියදුරුට වෑන් රථයේ වේගය පාලනයකර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පෙනී ගොස් ඇතැයි හික්කඩුව පොලීසිය කියයි.

වෑන් රථයේ රියදුරු, එහි ගමන් කරමින් සිටි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු, ආරක්ෂාවට සිටි ගාල්ල පොලීසියේ සැරයන්වරයෙකු මෙම අනතුරින් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇත.

මෙම අනතුර සිදුවන විට වෑන් රථයේ සාමාන්‍ය පෙළ දරුවන්ගේ උත්තර පත්‍ර තිබී ඇත. ඒ කිසිවෙකුට හානි සිදුව නොමැති බවත් ඒවා ආරක්ෂිතව නියමිත ස්ථාන වෙත යොමුකර ඇති බවත් හික්කඩුව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here