Home උණුසුම් පුවත් වතුරේ පාවෙන සූර්ය බලාගාර 2ක් ශ්‍රී ලංකාවට

වතුරේ පාවෙන සූර්ය බලාගාර 2ක් ශ්‍රී ලංකාවට

වතුරේ පාවෙන සූර්ය බලාගාර 2ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ පළමු ජලය මත පාවෙන සූර්ය බලාගාර ව්‍යපෘතියට (Floating Solar Projects) අද අත්සන් තබා තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත මෙය සිදුකෙරේ.

ඒ අනුව ජලය මත පාවෙන සුර්ය බලාගාර 2ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද උදෑසන සිදු කර ඇත.

මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙකක් ලෙස ක්‍රියාත්මක වේ.

සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන් වැව මත මෙය ඉදි කෙරේ.

මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here