Home උණුසුම් පුවත් DIG ඔෆිසියෙන් පරණ පතොරම් පන්නා විකිණූ කම්කරුවා ‍කොටුවෙයි

DIG ඔෆිසියෙන් පරණ පතොරම් පන්නා විකිණූ කම්කරුවා ‍කොටුවෙයි

0
DIG ඔෆිසියෙන් පරණ පතොරම් පන්නා විකිණූ කම්කරුවා ‍කොටුවෙයි

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අබිලි ද්‍රව්‍ය ලෙස ගොඩගසා තිබුණු පතොරම් සහ මැගසින් කිහිපයක් සොරාගෙන ගොස් පරණ යකඩබඩු කඩයකට අලෙවිකල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කම්කරුවෙකුව අනුරාධපුර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මැගසින් 03ක් ටී 56 පතොරම් 54ක් මෙසේ අලෙවිකර ඇති බව අනුරාධපුර පොලීසිය කියයි.

මෙම පතොරම් සහ මැගසින් තුන පිත්තල බරට අලෙවිකර ඇත්තේද රුපියල් 230ක මුදලකටය.

මේ ගැන සැකයක් මතුවීම හේතුවෙන් යකඩබඩු කඩේ මුදලාලි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here