Home උණුසුම් පුවත් IMF ලොක්කෙක් එයි

IMF ලොක්කෙක් එයි

IMF ලොක්කෙක් එයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඔහු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

හෙතෙම කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණ චාරිකාවක ද නිරත වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්‍රවණතා, අනාගතයේදී ආර්ථිකය සවිබල ගැන්වීමේ අවස්ථා සහ බාධා සහ ප්‍රමාද අවම කර ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා වට කිහිපයකට ඔහු සහභාගී වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here