Home උණුසුම් පුවත් රට පුරා ඩෙංගු අධි වසංගත අවදානමක්

රට පුරා ඩෙංගු අධි වසංගත අවදානමක්

රට පුරා ඩෙංගු අධි වසංගත අවදානමක්

මේ වන විට දිවයින පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක් මතුවීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය පැවසුවාය.

වෙනත් වසරවල මෝසම් වැසි කාලයේදී මාසයක් තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 400ක් 500ක් අතර වන නමුත් මේ වන විට මසකට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1000-1500 අතර මට්ටමට ඉහළ ගොස් තිබෙන බවද වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය කීවාය.

මේ වසරේ ගෙවී ගිය කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු උණ රෝගීන් 38000 ක් පමණ වාර්තා වී ඇති බවද ඉන් රෝගීන් 24 ක් මියගොස් ඇතැයි ද වෛද්‍යවරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here