Home උණුසුම් පුවත් ප්‍රයිවට් කැම්පස්වල ඉගෙන ගන්න දෙන පොලී නැති ණය ලබන සතියේ සිට

ප්‍රයිවට් කැම්පස්වල ඉගෙන ගන්න දෙන පොලී නැති ණය ලබන සතියේ සිට

ප්‍රයිවට් කැම්පස්වල ඉගෙන ගන්න දෙන පොලී නැති ණය ලබන සතියේ සිට

පෞද්ගලික විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ යටතේ රුපියල් ලක්ෂ නවයක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වන අතර එය ගෙවා දැමීම සඳහා වසර දෙකක සහන කාලයක් ද හිමි වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ රටක ඇති හොඳම ආයෝජනය අධ්‍යාපනය බැවින් රජය අසීරු අවස්ථාවල පවා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ පසුගියදා පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here