Home COVID පිළියන්දල තත්වය නරක අතට – කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළට

පිළියන්දල තත්වය නරක අතට – කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළට

පිළියන්දල තත්වය නරක අතට – කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළට

කොවිඩ් තුන්වැනි රැල්ලේ වැඩිම බලපෑමකට ලක්ව ඇති ප්‍රදේශය ලෙස මේ වන විට හදුනාගෙන ඇත්තේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යල බල ප්‍රදේශයයි.

කොවිඩ් තුන්වැනි රැල්ලෙන් මෙම සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් පමණක් කොවිඩ් ආදිසිතයන් 1000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට හමුවී තිබේ.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තොරතුරු සදහන් කරන ආකාරයට අනුව වැඩිම ආසාදිතයන් පිරිසක් හදුනා ගන්නේ ඊයේ (10) ය. ඒ ආසාදිතයන් 360 දෙනෛකි.

ඉකුත් 05 වෙනිදා ද පිළියන්දලින් සහ කැස්බෑවෙන් කොවිඩ් ආසාදිතයින් 148 දෙනෙක් හදුනා ගනු ලැබීය.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා සදහන් කරන ආකාරයට අනුව කොවිඩ් වෛරසය මෙරට ව්‍යෘප්තිය ආරම්භයේ සිට ඉකුත් 05 වෙනිදා දක්වා ගෙවී ගිය කාලය තුළ පමණක් පිළියන්දලින් කොවිඩ් ආසාදිතයන් 1300 දෙනෙක් හදුනාගෙන ඇත. කොවිඩ් ආසාදිත මරණ 10 ක්ද ඒ කාලය තුළ වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here