Home උණුසුම් පුවත් දයාසිරිට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක්

දයාසිරිට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක්

දයාසිරිට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට අද පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම පැමිණිල්ලකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකකයේ මාධ්‍ය කටයුතුවල නිරතව සිටින අයෙකි.

මෙම පැමිණිලිකරු වයස අවුරුදු 37ක් වන ගලෙන්බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් තමාට පහරදීමට උත්සහාගත් බවත් එහිදී කිහිප දෙනෙක් එය වැලැක්වූ බැවින් පහරදීමට නොහැකි වූවත් ඔහු පොලීසියට පවසා තිබේ.

මන්ත්‍රීවරයා අනතුරුව තමාට තර්ජනය කළ බවද ඔහු සිය පැමිණිල්ලෙහි දක්වා ඇති බව ද නිහාල් තල්දූව මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here