Home උණුසුම් පුවත් පාසල් සීසන් ටිකට් ගාස්තු ඉහළට

පාසල් සීසන් ටිකට් ගාස්තු ඉහළට

පාසල් සීසන් ටිකට් ගාස්තු ඉහළට

දැනට ක්‍රියාත්මක ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව 25%කින් පමණ ඉහළ දැමීමට රජය තීරණය කරයි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම ගාස්තු ඉහළ දැමීමට අදාලව යෝජනාවක්ද ඉදිරිපත්කර ඇති බවයි.

සිසු සැරිය වැඩසටහන සඳහා ඉතා ඉහළ වියදමක් දැරීමට සිදුව ඇති ඇති බව
අමාත්‍යවරයා පවසයි.

දැනට පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත් ගාස්තුවෙන් 1/3ක් දෙමව්පියන් විසින් දැරිය යුතු බවද ඉතිරි 2/3 රජය දරන බවද ඔහු පෙන්වා දේ.

පාසල් ප්‍රවාහන බස් රථ නැති කරගන්නවාද, නැතිනම් තව දුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය කළ යුතු බව කී අමාත්‍යවරයා එය පවත්වාගෙන යාමට නම් ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බවද ඇමැතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here