Home උණුසුම් පුවත් උද්භිද උද්‍යානවලට ඇතුළු වීමේ ගාස්තු ඉහළට

උද්භිද උද්‍යානවලට ඇතුළු වීමේ ගාස්තු ඉහළට

උද්භිද උද්‍යානවලට ඇතුළු වීමේ ගාස්තු ඉහළට

ලබන මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් වේ.

මීට පෙර වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙස අයකිරීම් සිදුකෙරුණි.

එමෙන්ම විදේශීය වැඩිහිටි සඳහා උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් බව වාර්තා වේ.

විදේශීය වැඩිහිටියන් සඳහා මීට පෙර අයකිරීම සිදුවූයේ රුපියල් 2,000ක් වන අතර ළමුන් සඳහා රුපියල් 1,000ක් අය කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here