Home උණුසුම් පුවත් ටෙලි නිෂ්පාදිකාගේ නිවසේ සොරකමට ඇල්ලූ මෙහෙකාරියට පොලීසියේදී පහර දුන් බව හෙළිවෙයි

ටෙලි නිෂ්පාදිකාගේ නිවසේ සොරකමට ඇල්ලූ මෙහෙකාරියට පොලීසියේදී පහර දුන් බව හෙළිවෙයි

ටෙලි නිෂ්පාදිකාගේ නිවසේ සොරකමට ඇල්ලූ මෙහෙකාරියට පොලීසියේදී පහර දුන් බව හෙළිවෙයි

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් මෙන්ම ව්‍යාපාරිකාවක් වන සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවසේ සිදුවූ බව කියන රන්භාාණ්ඩ සොරකමකට අත්අඩංගුවට ගත් මෙහෙකාරියට පොලීසිය විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව හෙළිවී තිබේ.

එම මෙහෙකාරිය රෝගී වී කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත්තේ එම පහරදීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් මත බව ද ඇගේ මරණය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයේදී හෙළිවී ඇත.

පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය මෙහෙකාරියගේ මරණය සැකසහිත බව පොලිස්පතිවරයාට විවිධ පාර්ශව වලින් ලද තොරතුරු හේතුවෙන් ඒ ගැන විමර්ශනයක් ආරම්භකරනු ලැබුවේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසිනි.

එහිදී හෙළිවී ඇත්තේ ඇයට කළ පහරදීම ගැන පමණක් නොව, ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේද නීති විරෝධි ලෙස බවද අනාවරණය වී ඇත.

මෙම මරණය පහරදීමකින් පසු සිදුවූ මරණයක් බව වසන් කරන්නට වැලිකඩ පොලීසියේ උසස් නිලධාරීන් ගත් උත්සහයන් ගැනද මේ වන විට තොරතුරු හෙළිවෙමින් ඇති බව පොලිස් තොරතුරු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව අද හෙටම වැලිකඩ පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here