Home දේශීය පුවත් ලක්ෂ 151ක බඩු පැන්නූ සතොස කළමනාකරු සී.අයි.ඩී. අත්අඩංගුවට

ලක්ෂ 151ක බඩු පැන්නූ සතොස කළමනාකරු සී.අයි.ඩී. අත්අඩංගුවට

ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ රාගල අලෙවි සැලේ භාණ්ඩ පන්නා රුපියල් ලක්ෂ 151කට අධික වංචාවක් සිදුකල බව කියන එහි හිටපු සහකාර කළමනාකාරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

පදියපැලැල්ලේ පදිංචිකරුවෙකුව එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 15,113,012 ක් වටිනා භාණ්ඩ තොග කාලයක් තිස්සේ මෙම සැකකරු විසින් වංචාකර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here