Home උණුසුම් පුවත් ලක්ෂ 12ක හොර නෝට්ටු සමඟ යාපනය සරසවි සිසුවා කොටුවේ

ලක්ෂ 12ක හොර නෝට්ටු සමඟ යාපනය සරසවි සිසුවා කොටුවේ

ලක්ෂ 12ක හොර නෝට්ටු සමඟ යාපනය සරසවි සිසුවා  කොටුවේ

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමක් ඇති රුපියල් 5000 සහ රුපියල් 500 නෝට්ටු තොගයක් බෙදා හැරීමට යතුරුපැදියකින් රැගෙන යමින්සිටි යාපනය විශ්වවිද්‍යාල සිසුවෙක් ඇතුළු දෙදෙනෙක් අද සවස අලිමංකඩ පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

විශ්වවිද්‍යාල සිසුවා සමඟ අත්අඩංගුවටගත් අනෙත් සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකි.

යාපනය දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වෙමින් තිබුණු යතුරුපැදියක් නතරකර පරීක්ෂා කිරීමේදී එහි ගමන් කළ දෙදෙනා අතර සිටි එක් අයෙක් අත වූ ගමන් මල්ලක් පරීක්ෂා කිරීමේදී මෙම නොට්ටු තොගය හමුවූ බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පලෙයි පොලීසිය සඳහන් කරයි.

රුපියල් 5000 නෝට්ටු 250ක් සහ රුපියල් 500 නොට්ටු 27ක් එම බෑගයේ තිබී ඇත.

විශ්වවිද්‍යාල සිසුවා පුදුකුඩිරිප්පුවේ පදිංචිකරුවෙක් බවත් ඔහු සමඟ සිටි ත්‍රීරෝද රථ රියදුරු මිරුසුවිල් පදිංචිකරුවෙක් බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here