Home උණුසුම් පුවත් අදත් වැසි – නායයාම් අවදානමකුත්

අදත් වැසි – නායයාම් අවදානමකුත්

අදත් වැසි – නායයාම් අවදානමකුත්

දිස්ත්‍රික්ක 03ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා මෙලෙස නායයෑමේ නිවේදන නිකුත් කර තිබේ.

එම අවදානම් නිවේදනය අද (03) සවස 4 දක්වා වලංගු වේ.

මේ අතර දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here