Home උණුසුම් පුවත් සුඩානයෙන් දෙවන ලාංකිකයන් කණ්ඩායමත් මුදාගනී

සුඩානයෙන් දෙවන ලාංකිකයන් කණ්ඩායමත් මුදාගනී

සුඩානයෙන් දෙවන ලාංකිකයන් කණ්ඩායමත් මුදාගනී

ගැටුම් උත්සන්න වන සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් දෙවන කණ්ඩායම ද මුදාගෙන තිබේ.

ඔවුන් සෞදි අරාබියේ ජෙඩාහි පිහිටි කිංග් ෆයිසාල් නාවික කඳවුර වෙත රැගෙනවිත් ඇත.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ මෙම පිරිසට ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඇතුළත් බවය.

ජෙඩාහි ශ්‍රී ලංකා වැඩබලන කොන්සල් ජනරල් විසින් මෙම පිරිස භාරගෙන ඇත.

එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු පසුගියදා ජෙඩා වෙත රැගෙන විත් තිබුණි.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පවසන්නේ සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි සෞදි අරාබි රජය සහාය දක්වන බවය.

සබැඳි පුවත් ඉදිරි දිනවලදී සුඩානයෙන් ලාංකිකයන් ඉවතට – කාර්තූම් තවමත් ඇවිලෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here