Home උණුසුම් පුවත් මෙන්ඩිස්-නිශාන්ගේ ද්විත්ව ශතක ලංකාව ඔසවා තබයි

මෙන්ඩිස්-නිශාන්ගේ ද්විත්ව ශතක ලංකාව ඔසවා තබයි

මෙන්ඩිස්-නිශාන්ගේ ද්විත්ව ශතක ලංකාව ඔසවා තබයි

අයර්ලන්තය සමඟ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ප්‍රබල තැනකට ඔසවා තැබීමට නිශාන් මධුශ්ක සහ කුසල් මෙන්ඩිස් ලබාගත් ද්විත්ව ශතක හේතුවිය.

මෙයට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් දිමුත් කරුණාරත්න හා දෙවැනි කඩුල්ල දැවී ගිය පසු පිටියට පිවිසි ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලබාගත් වේගවත් ශතකය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පිතිකරුවන් සිවු දෙනාම ශතකයක් හෝ ද්විත්ව ශතක ලබා ගැනීම ද මෙහි දි කැපී පෙනෙයි. නිශාන් මධුශ්ක 202, දිමුත් කරුණාරත්න 115, කුසල් මෙන්ඩිස් 245, ඇන්ජලෝ මැතිවුස් 100* මෙසේ මුල් පිතිකරුවන් සිවු දෙනාම ශතක වාර්තාකිරීමේ එම වාර්තාගත ලකුණු පුවරුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ මෙයට පෙර සිදුව ඇත්තේ දෙවතාවක් පමණක් බව ක්‍රිකට් විචාරකයෝ පැවසූහ.

ඒ අනුව පළමු ඉනිමට ශ්‍රි ලංකා ක්‍රිඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 704 ලබාගත් අතර අයර්ලන්තයට වඩා පළමු ඉනිමට ලබාගත් ලකුණු සංඛ්‍යාව 212කි. සිය දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන අයර්ලන්තය එක් කඩුල්ලක් දැවි ලකුණු 13ක් ලබා සිටියි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ හෙට (28) පස්වන හා අවසන් දිනට ක්‍රියාත්මක වේ.

මෙම තරගාවලිය 1-0ක් ලෙස දැනටමත් ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි.

අයර්ලන්තය 492 සහ 13/1

ශ්‍රී ලංකාව 704/3 ඉනිම අත්හිටුවීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here