Home උණුසුම් පුවත් වැඩිකළ විදුලි බිලට ජල බිලත් වැඩි කරන්න ඉල්ලයි

වැඩිකළ විදුලි බිලට ජල බිලත් වැඩි කරන්න ඉල්ලයි

වැඩිකළ විදුලි බිලට ජල බිලත් වැඩි කරන්න ඉල්ලයි

ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන්. යූ .කේ රණතුංග මහතා පැවසීය.

විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව හෙතෙම පැවසීය.

එසේ වුවද විදුලි බිල වැඩිවීම ජලබිල්පතට එකතු කර නැති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේය.

එලෙස විදුලි බිල ඉහළයෑම හේතුවෙන් ජලසම්පාදන මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 4ක පමණ අතිරේක වැය බරක් දැරීමට සිදුව තිබෙන බව හෙතෙම කීවේය.

අවසන් වරට ජල බිල්පත් සංශෝධනය කරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී බව හෙතම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here