Home උණුසුම් පුවත් වැඩිකළ ඉන්ධන කෝටාව තවදුරටත්

වැඩිකළ ඉන්ධන කෝටාව තවදුරටත්

වැඩිකළ ඉන්ධන කෝටාව තවදුරටත්

උත්සච සමය නිමිත්තෙන්‌ ඉහල නැංවූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කරයි.

චිදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්‌ ඊයේ උදැසන පැචති ඛණිජ තෙල්‌ සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී, මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන්‌ මාසික ඉන්ධන ඇණවුම්‌ සැලසුමේ වෙනසක්‌ නොවන බව නිරීක්ෂණය වී ඇත.

පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමේදී ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවද නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසුව QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහල ගොස්‌ ඇත.

QR කේතයට පරිබාහිරව ඉන්ධන ලබාගත්‌ පිරිස්‌ QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවත්‌ නිරීක්ෂණය වී ඇත.

ඉන්ධන හල්‌ මගින්‌ ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර පෙට්‍රල්‌ නිකුත්කිරීමේ දී 24%ක්‌ QR ක්‍රමවේදයට පරිබාගිරව නිකුත් කර තිබුණි.

ඉන්ධන කෝටාව වැඩිකල පසු එය 14%ක්‌ දක්චා පහල ගොස්‌ ඇති බවද, ඉන්ධන හල්‌ මගින්‌ ඩීසල්‌ නිකුත් කිරීමේ දි 28% ක්වූ QR ක්‍රමවේදයට පරිබාහිරව නිකුත්කිරීම ඉන්ධන කෝටාව වැඩිකල පසු 15% දක්වා පහල ගොස්‌ ඇති බචද නිරීක්ෂණය චිය.

එමෙන්ම QR කේනතයට පරිබාගිරව ඉන්ධන නිකුත්කරන ඉන්ධන හල්‌ සම්බන්ධයෙන්‌ නිරන්තර විමර්ශනයන්‌ සිදුකර අදාල ඉන්ධන පිරචුම්භල්‌වලට එරෙහිව ක්‍රියාකිරීමටත්‌ අඛණ්ඩව මෙම රෙගුලාසි උල්ලංඝනය කරන බෙදුම්කරුවන්ගේ ඉන්ධනහල්‌ බලපත්‍ර අවලංගු කිරීමටද අමාත්‍යවරයා උපදෙස්‌ ලබාදෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here