Home උණුසුම් පුවත් පොලීසියේදී කෙහෙවලු පටලවාගත් කාන්තාවක් අපරාධ OICටත් ගහලා

පොලීසියේදී කෙහෙවලු පටලවාගත් කාන්තාවක් අපරාධ OICටත් ගහලා

0
පොලීසියේදී කෙහෙවලු පටලවාගත් කාන්තාවක් අපරාධ OICටත් ගහලා

පැමිණිල්ලක් විභාග කිරීමට වැලිපැන්න පොලිස් ස්ථානයට කැදවා සිටි කාන්තාවන් දෙදෙනෙක් පොලිස් ස්ථානය තුළ කෙහෙවලු පටලවාගෙන ඇතිකරගත් ආරවුලක් මැඩලීමට ගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාටත් ඒ එක් කාන්තාවක් විසින් ආරක්ෂක හිස්වැසුමකින් පහරදී තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් මතුගම උතුම්ගම පදිංචිකාරියක් වන 52 හැවිරිදි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තැනැත්තියගේ සැමියා කම්කරුවෙක් ලෙස මතුගම පැත්තේ කටුපොල් වත්තක සේවයේ නිරතව සිටින බව පොලීසිය කියයි. අනෙත් කාන්තාවගේ සැමියා එම වත්තේ වැඩ පරීීක්ෂකවරයෙකි. පොලීසිය තුළ ගැටුමත් ඇතිකරගත් කාන්තාවගේ සැමියා දිගින් දිගටම සේවයට නොපැමිණිම හේතුවෙන් වැඩ පරීක්ෂකවරයා ඒ බව පාලනාධිකාරියට දැනුම්දී ඇති බව පොලීසිය කියයි. ඒ අනුව ඔහුගේ වැඩ නතරකර ඇති බවත් එය මුල්කරගෙන කම්කරුවාගේ බිරිඳ වැඩ පරීක්ෂකවරයාගේ බිරිඳ සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති බවත් පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් වැඩ පරීක්ෂකවරයාගේ බිරිද පොලීසියට කර තිබුණු පැමිණිල්ලක් විභාග කිරීමට දෙපාර්ශවයම පොලිස් ස්ථානයට කැදවා තිබී ඇත. ඒ අනුව පොලිස් ස්ථානයට දෙදෙනා පැමිණ සිටියදී පැමිණිල්ල විභාග කිරීමට පෙර ගැටුම ඇතිකරගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙහිදී ගැටුම මැඩලීමට මැදිහත් වී ඇත්තේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. ඇය ඔහුටද පහරදීමට උත්සහ ගැනීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද එම උසස් නිලධාරියා කීය.

මතුගම අධිකරණයට ඉදිරිපත් කළ ඇයව ඇපමත මුදා හැර ඇති බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here