Home උණුසුම් පුවත් ජනපති – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හෙට හමුවෙති

ජනපති – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හෙට හමුවෙති

ජනපති – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හෙට හමුවෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (24) පැවැත්වීමට නියමිත ය.

මෙම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පස්වරුවේ පැවැත්වෙන බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය සහ ඡන්ද විමසීම පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇත.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇති බවද සදහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here