Home උණුසුම් පුවත් පාසල නිමවී නිවසට ආ සිසුවා වෙඩි තබාගෙන මරුට

පාසල නිමවී නිවසට ආ සිසුවා වෙඩි තබාගෙන මරුට

0
පාසල නිමවී නිවසට ආ සිසුවා වෙඩි තබාගෙන මරුට

අම්පාර සේනාගම ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවෙකු ඊයේ පාසල නිමවී නිවසට පැමිණ වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ අම්මාපර මායාදුන්න ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

මෙම සිසුවා පාසල නිමවී නිවසට පැමිණ නිවස පිටිපස ඇති මඩුවකට ගොස් සියදිවි හානිකරගෙන ඇත්තේ බෝ 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද උදෑසන නිවේදනය කළේය.

මෙම වෙඩි තබා ගැනීම සිදුව ඇත්තේ ඊයේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්කරනු ලබන්නේ සිසුවා වෙඩි තබාගත් ගිනි අවිය බලපත්‍ර නොමැති එකක් බවය. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ එම අවිය නිවසේ තිබුණු එකක් බවය.

මෙම සිසුවාගේ පියා වෘත්තියෙන් රියදුරෙකි. මව රැකියාවක නිරතවන්නේ නැත. මෙම සිසුවාට නැගිණියක් සහ බාල සහෝදරයෙක් සිටින බව පොලීසිය කියයි.

මෙම නිවසේ සිසුවාගේ මවුපියන්ට අමතරව පියාගේ මවුපියන්ද සිටින බව පොලීසිය කියයි.

මෙම සිසුවාගේ හැසිරීම මෑතක සිට විදුහල්පතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබී ඇත. දරුවා ප්‍රචණ්ඩකාරීවෙමින් සෙසු දරුවන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ ප්‍රවණතාවක් පවා නිරීක්ෂණය වීම හේතුවෙන් ඒ බව දෙමාපියන්ව පවා දැනුවත් කිරීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ඒ සම්බන්දයෙන් නිසි අවධානයක් යොමුකර දරුවාගේ වෙනස්වීමට හේතු සොයා බැලුවේ නම් මෙවැනි සිදුවීමක් වීමට ඉඩ නොතිබුණු බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

සිසුවා වෙඩි තබාගත් ගිනි අවිය සම්බන්ධයෙන් විමර්හනයක් පවත්වන බව මෙම සියදිවි හානිකර ගැනීම ගැන විමර්ශන පවත්වන බණ්ඩාරදූව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here