
කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයේ නඩු භණ්ඩ වශයෙන් තිබුණු ගෑස් සිලින්ඩර් 54ක් සොරාගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ටාර් වරයා විසින් කුලියාපිටිය පොලීසියට ඊයේ කර තිබේ.
එම පැමිණීල්ලට අනුව මෙම සොරකම සිදුව ඇති නිෂ්චිත දිනයක් තහවුරු වී නැත. ගෑස් සිලින්ඩර් 54 වටිනාකම ලෙස සැලකෙන්නේ රුපියල් 432,000කි.