
පංති කාමරයේ අතුගෑමට ඇති කොස්ස කිසියසම් අයෙකු විසින් කඩා දැමීමක් සම්බන්ධයෙන් හපුතලේ පිහිටි ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු එම පංතියේ සිසුන් 27 දෙනෙකුට කොසු මිටෙන් පහරදී ඇත.
මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 20 වෙනිදාය. මෙම පහරදීමට විරෝධය දක්වමින් දරුවන්ගේ දෙමාපියන් පාසල ඉදිරිපිටට රැස්වී ඊයේ විරෝධතාවක්ද පවත්වා ඇත.
මේ ගැන හපුතලේ පොලීිසියෙන් කළ විමසුමකදී සඳහන්කරනු ලැබුනේ පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැති බවය. විරෝධතාවයේ නිරත දෙමාපියන් එහිදී ඉල්ලා සිට ඇත්තේ විදුහල්පතිවරයාව ඉවත්කරන ලෙස බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. දෙමාපියන් ඒ සම්බන්ධයෙන් කලාප කාර්යාලයට ලිපියක් ඉදිරිපත්කරන බවද පැවසූ බව පොලීසිය කියයි.