Home උණුසුම් පුවත් කෝටි ගානක පාවෙන රන් තොගයක් සහ සැකකරුවෙක් එස්.ටී.එස්. දැලේ

කෝටි ගානක පාවෙන රන් තොගයක් සහ සැකකරුවෙක් එස්.ටී.එස්. දැලේ

0
කෝටි ගානක පාවෙන රන් තොගයක් සහ සැකකරුවෙක් එස්.ටී.එස්. දැලේ

රුපියල් කෝටි 05 කට අධික වටිනාකමක් ඇති පාවෙන රත්‍රන් ලෙස සැලකෙන තල්මසුන්ගෙන් ලබාගන්නා රුපියල් කෝටි පහකට අධික වටිනාකමක් ඇති අම්බර් සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය අද නිවේදනය කළේය.

හෝමාගම පොලිස් වසමේ නියදගල, පන්නිපිටියේ සිදුකල වැටලීමකදී අම්බර් කිලෝ ග්‍රෑම් 14 ග්‍රෑම් 300 සන්තකයේ තබාගෙන සිටි මීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අම්බර් යැයි සදහන්වන මෙම ද්‍රව්‍ය තල්මසුන්ගේ වමනයයි. ඒවා ඉතාමත් මිල අධික වන අතර මෙය මිල අධිකම සුවඳ විලවුන් නිපදවීම සඳහා යොදා ගනී.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්) එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ iii හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.ඊ.එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here