Home උණුසුම් පුවත් ශිෂ්‍යත්වයෙන් අලුත් පාසලක් තෝරන අභියාචනා අයදුම්පත මාර්ගගත ක්‍රමයට

ශිෂ්‍යත්වයෙන් අලුත් පාසලක් තෝරන අභියාචනා අයදුම්පත මාර්ගගත ක්‍රමයට

ශිෂ්‍යත්වයෙන් අලුත් පාසලක් තෝරන අභියාචනා  අයදුම්පත මාර්ගගත ක්‍රමයට

දෙදහස් විසි දෙක (2022) පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව එම අභියාචනා මාර්ගගත ව යොමු කිරිම සඳහා 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

https://g6application.moe.gov.lk/#/ වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ය. එහි දී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනයwww.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here