Home උණුසුම් පුවත් සරසවි දේශන ඇරඹෙන දවස ගැන අද ප්‍රකාශයක්

සරසවි දේශන ඇරඹෙන දවස ගැන අද ප්‍රකාශයක්

සරසවි දේශන ඇරඹෙන දවස ගැන අද ප්‍රකාශයක්
Concept of design horizontal banner flat vector.

විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණ තිබේ.

ඒ ඊයේ (11) රාත්‍රියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදී ය.

එම සාකච්ඡාවේදී ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් අද දහවල් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ලබන 17 වැනි දා සිට විශ්ව විද්‍යාලවල දේශන ආරම්භ කිරීමට සාකච්ඡාවේදී තීරණය කර ඇතැයි සඳහන් ය.

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, පසුගිය මාර්තු 9 වැනි දාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here