Home උණුසුම් පුවත් හොරෙන්ම රිංගූ ඇමරිකානු යුද නෞකාව ගැන චීනයෙන් විශේෂ ප්‍රකාශයක්

හොරෙන්ම රිංගූ ඇමරිකානු යුද නෞකාව ගැන චීනයෙන් විශේෂ ප්‍රකාශයක්

හොරෙන්ම රිංගූ ඇමරිකානු යුද නෞකාව ගැන චීනයෙන් විශේෂ ප්‍රකාශයක්

ඇමරිකානු යුද නෞකාවක් චීනයේ Nansha දූපත් සමූහයේ ගල්පර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් චීනය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඇමරිකාවේ Milius මිසයිල නාශක නෞකාව අද(10) අනවසරයෙන් චීනයේ මෙම මුහුදු ප්‍රදේශයට පිවිසී ඇත.

ඒ සම්බන්ධයෙන් චීන හමුදාවේ දකුණු ප්‍රදේශ ආරක්ෂක කලාපයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා ප්‍රකාශ කළේ, අදාළ කලාපය බාර චීන නාවික හමුදාව හා ගුවන් හමුදාව එම නෞකාවේ සියලු ක්‍රියා සමීපව නිරීක්ෂණය කළ බවයි.

දකුණු චීන මුහුදට අයත් දූපත් සමූහය හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල චීනයට ස්වෛරී බලයක් ඇත.

ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් චීන හමුදාව සෑමවිටම සුපරික්ෂාකාරීව සිටින අතර, ජාතික ස්වෛරීභාවය හා දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වය තිරසර ලෙස ආරක්ෂා කරන බව ද කර්නල් ටියැන් ජුන්ලි කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here