Home උණුසුම් පුවත් එළැඹෙන නත්තලේදී කලම්බු ආකේඩ් යළි පණගන්වන්න සොෆ්ට්ලොජික් සූදානම්

එළැඹෙන නත්තලේදී කලම්බු ආකේඩ් යළි පණගන්වන්න සොෆ්ට්ලොජික් සූදානම්

එළැඹෙන නත්තලේදී කලම්බු ආකේඩ් යළි පණගන්වන්න සොෆ්ට්ලොජික් සූදානම්

කොළඹ නිදහස් චතුරශ්‍රයේ සාප්පු සංකීර්ණය යළි පණ ගැන්වීමට සොෆ්ට්ලොජික් ආයතනය සූදානම් වෙයි.

ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ නත්තල් සමය එළැඹෙන විට කොළඹ ප්‍රමුඛතම ආහාර පාන අලෙවි සංකීර්ණය මෙය බවට පත්කිරීමට එම ආයතනය සැලසුම් කර තිබේ.

අශෝක් පතිරගේ මහතා

සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සාමාජික සහ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා අවධාරණය කරන්නේ කොළඹ නිදහස් චතුරස්‍ර සාප්පු සංකීර්ණය කොළඹ ප්‍රමුඛතම ආහාර පාන (F&B) අලෙවි සංකීර්ණය ලෙස ස්ථාපිත කිරීම සඳහා එය නැවත පණ ගැන්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ අවන්හල් බොහොමයක් ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

“කලම්බු ආකේඩ් එක කොළඹ ‘ස්පොට් එක’ වේවි. මට ඔච්චරයි දැනට කියන්න පුළුවන්. අපට ඒකට පුළුල් සංවර්ධන සැලසුමක් තියෙනවා. එය බොහෝවිට ආහාරපාන වෙනුවෙන් ඉඩ සලසාවි. ඔවුන් ඉතා ඉක්මනින් වැඩ ආරම්භ කරාවි. ආහාරපාන රසවිඳින්නට නම් කොළඹ හොඳම තැන එතැන බවට අපි පත්කරනවා. 2023 දෙසැම්බරයේ නත්තල් සමය වෙද්දී දැන් මේ තියෙන ස්ථානය මුළුමනින්ම වෙනස් තැනක් බවට ඔබට පෙනේවි.” අශෝක් පතිරගේ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) යටතේ මහජනතාවට වඩා හොඳ ගුණාත්මක සේවාවක් සැපයීමට සහ නව විශේෂාංග හඳුන්වා දීමට නාගරික සංවර්ධන අධිකාරිය (UDA) Softlogic සමූහය සමඟ දස අවුරුදු බදු ගිවිසුමකට එළඹී ඇති බව 2021 මාර්තු මාසයේදී නිවේදනය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here