Home උණුසුම් පුවත් කොමිසම යළිත් අමාරුවේ – ඡන්දෙ ගැන අදත් තීන්දුවක් නෑ

කොමිසම යළිත් අමාරුවේ – ඡන්දෙ ගැන අදත් තීන්දුවක් නෑ

කොමිසම යළිත් අමාරුවේ – ඡන්දෙ ගැන අදත් තීන්දුවක් නෑ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ අග්‍රාමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාව නිශ්චිත තීන්දුවකින් තොරව අවසන් වී ඇතැයි වාර්ථා වේ.

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාගැනීම පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු යැයි එහිදී අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ කොමසාරිස්වරුන්ට දැනුම් දී තිබේ.

එම නිසා කලින් සැලසුම් කල පරිදි මේ මස 25 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිසේත්ම අවකාශයක් නොමැති අතර ඉදිරියේදී ඒ පිළිබඳ දිනයක් ප්‍රකාශ කිරීමටද නොහැකිව මැතිවරණ කොමිසම අසීරුතාවයකට හා නීති ගැටලු රැසකට පත්ව ඇතැයිද වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ ප්‍රධාන අපේක්ෂාව වී තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා ගැනීම වන නමුත් අග්‍රාමාත්‍යවරයාගෙන් ඊට සෘජු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මැතිවරණ කොමිසම ප්‍රකාශයක් නිකුත් කරන බවක් මීට පෙර පවසා තිබුණ ද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා හෝ කොමසාරිස්වරුන් හෝ අද මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමෙන් වැළකී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here