Home උණුසුම් පුවත් ත්‍රිකුණාමලයේ ධීවර ගම් දෙකක් ගැටෙයි – 6ක් රෝහලේ

ත්‍රිකුණාමලයේ ධීවර ගම් දෙකක් ගැටෙයි – 6ක් රෝහලේ

0
ත්‍රිකුණාමලයේ ධීවර ගම් දෙකක් ගැටෙයි – 6ක් රෝහලේ

ත්‍රිකුණාමලයේ ධීවර ගම්මාන දෙකක ජීවත්වන දෙපිරිසක් අතර අද සවස ඇතිවුණු ගැටුමකින් දෙපාර්ශවයේම 06දෙනෙක් තුවාල ලබා ත්‍රීකුණාමලය රෝහලට ඇතුලත්කර තිබේ.

තිරුකඩලූර් හා ඊට යාබද පිහිටි විජිතපුර යන ගම්මාන දෙකේ දෙපිරිසක් අතර මෙම ගැටුම ඇත. ගැටුමට මුල්වී ඇත්තේ මාළු ඇල්ලීමක් සම්බන්ධයෙන් වූ ආරවුලක් දුරදිග යාමෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තුවාල ලබා රෝහල්ගත කළ පස් දෙනෙකු සුළු තුවාල ලබා සිටින බවත් එක් අයෙකු පමණක් අස්ථි බිදීමකට ලක්ව සිටින බවත් එම නිලධාරියා කීය.

දෙපාර්ශවය අතර ගැටුම වර්ධනය වීමට ඉඩ නොදී පොලීසිය සමඟ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගම්මාන දෙකේම ආරක්ෂාව දැඩිකර ඇති බවද එම නිලධාරියා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here